Cricket NewsEXCLUSIVETrending Article

“පාට පක්ෂ ආගම් වැනි අතිශය සංවේදි කරුණු පෙරටු කර ගන්නා තැන් වල බලය ලබා ගැනීමට පෙරුම්පුරන දේශපාලකයකු සිටිමේ සම්භාවිතාවය ඉතා ඉහළය” – සෑම ක්‍රිකට් රසිකයකුම කියවිය යුතුම ලිපිය.!

වසර ගණනාවක් තිස්සේ තිබූ අඳුරු වලා පට ඈත් මෑත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ජාත්‍යන්තර තලය අතික්‍රමණය කිරීම ඇරඹුවා පමණි. පාට පක්ෂ ආගම් භේද නැවතත් කරලියට පැමිණෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසු බැසීමට යාමට ප්‍රධානම හේතුවක් වූයේ පාට පක්ෂ ආගම් භේද අනවශ්‍ය ලෙස ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් කණ්ඩායම තුළට පැමිණීමයි.

එය කෙතරම් උඩු දුවනු ලැබුවේද යත් ක්‍රිඩකයන්ගේ බිරින්ඳැවරුන් පවා කණ්ඩායම් තීරණ වෙත බලපෑම් කරන මට්ටමට පැමිණියේය.

කෙසේ නමුත් වර්තමානයේ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මනා ලෙස ඒ සියල්ල පාලනය කර ගනිමින් එකම රටක් එකම ජාතියක් ලෙස සිය මව්බිම නියෝජනය කරමින් තරඟ වදිමින් සිටින අතර වරෙක මහීෂ් තීක්ෂණ සඳහන් කරනු ලැබුවේ “සහෝදරයින් එකොළහක් ඔබට සිටින විට තරඟ ජයග්‍රහණය සඳහා ලෝක මට්ටමේ ක්‍රීඩකයින් ඔබට අවශ්‍ය වන්නේ නැත” යනුවෙනි.

ඔබ සැබෑ ක්‍රිකට් රසිකයකුනම් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල තිබෙන සහෝදරත්වය ඔබ සැබැවින් ම දැක ඇති බවට සැකයක් නැහැ.

ජයග්‍රහණය එමෙන්ම පරාජිත අවස්ථාවන් වලදීත් සිය ක්‍රීඩකයින් ආරක්ෂා කර ගන්නා නායකයෙකුත් සිය රට ජයග්‍රහණය කරවීම පෙරටු කරගත් යොවුන් ක්‍රිඩකයන් රැසකගෙනුත් සමන් විත ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර විචාරකයින්ගේ පවා දැඩි ප්‍රශංසාවට ලක් වූයේ, දැක්වූ කැපී පෙනෙනෙ දස්කම් හේතුවෙනි.

ඒ අතර වාරයේ මේ වනවිට නැවතත් පාට පක්ෂ ආගම් බේද කෙමෙන් කෙමෙන් හිස ඔසවන බව පෙනෙන්නට තිබේ. කාගේ හෝ උවමනාවකට නැවතත් කිසියම් කණ්ඩායමක්, ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගනිමින් ශ්‍රී ලංකාව තුළ අතිශය සංවේදී මාතෘකාවක් වන පාට පක්ෂ ආගම් යන මාතෘකා නැවතත් සමාජ මාධ්‍ය හරහා කරලියට ගෙනෙමින් පවතී.

ශ්‍රී ලංකාව මේ වන විටත් සිටින්නේ අතිශය දරුණු ආර්තික ප්‍රශ්න රැසක් තුලයි. ⁣ආගම් ඇතුළු අතිශය සංවේදි කරුණු දේශපාලඥයන් විසින් පාවිච්චි කරනු ලබන්නේ ඒ ඒ අනුව ශ්‍රී ලංකා වාසින්ව බෙදා වෙන් කරමින් සිය මනාප ප්‍රමාණය ලබා ගැනීම වෙනුවෙනි. ඒ බවට අතීතයෙන් උදාහරණ ඕනෑ තරම් ශ්‍රී ලංකාවෙන්ම අපට සොයාගත හැක.

ශ්‍රී ලංකාවේ වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප සුවහසක් ක්‍රිකට් රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රිඩකයන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ නොබලන ලෙසත් ක්‍රිඩා පිටියේ දස්කම් දෙස පමණක් බලන ලෙසත්ය.

අවසාන වශයෙන්, භානුක රාජපක්ෂ හෝ කිසියම් ක්‍රිඩකයකු අදහන ආගම හෝ විශ්වාසය අපට අදාළ නැත.. සෑම ක්‍රිඩකයකුම රට වෙනුවෙන් සිය උපරිමය කැප කරන ආකාරය අප අපගේ දෑසින්ම දුටුවෙමු. අපට කිසිසේත්ම අපගේ ක්‍රිඩකයන් පිළිබඳ සැකයක් නොමැත.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල ඔබ දුටුවේනම් වැරදි ආකල්පයකට නොයන්න, ඕනෑම ආගමක් ඕනෑම අයකුට ඇදහිය හැකිය. ශ්‍රී ලංකාව, ආගමික නිදහස අගය කරන, ඉහළින්ම පිළිගන්නා රටකි.

මෙම කරුණු පිළිබඳව ඉතා අවධානයෙන් පසු වන්න, මක් නිසාද යත්, පාට පක්ෂ ආගම් වැනි අතිශය සංවේදි කරුණු අවියක්කරගනිමින් බලය ලබා ගැනීමට පෙරුම්පුරන දේශපාලකයකු සිටිමේ සම්භාවිතාවය ඉතා ඉහළය.

ක්‍රිකට් නරඹන්න, ජයග්‍රහණය සමරන්න, පරාජයේදී තනි නොකරන්න, ශ්‍රී ලංකා ධජය නිසැකවම ඉහළින්ම ළෙලදෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button