Cricket NewsEXCLUSIVEInternational

සිම්බාබ්වේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්ත වේ.

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් බදාදා අභාවප්‍රාප්ත විය මිය යන විට ඔහු 49 වියහි පසු උනා.

ස්ට්‍රීක්ගේ පන්දු යැවීමේ සහකරු හෙන්රි ඔලන්ගා මෙම ජනප්‍රිය තුන් ඉරියව් ක්‍රීඩකයාගේ අභාවය පිළිබඳව ශෝකය ට්ව්ටර් ඔස්සෙ මෙසෙ කියා තිබුනා.

RIP @ZimCricketv පුරාවෘත්තය. අපි බිහිකළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා. ඔබ සමඟ සෙල්ලම් කිරීම සතුටක්. මගේ පන්දු යැවීමේ ඉරියව්ව අවසන් වූ විට ( ජීවන ගමන අවසන් වූ විට) අනෙක් පැත්තෙන් ඔබව හමුවන්නම්, ”ඔලොංගා ට්ව්ටර් හි පළ කළේය.

පන්දුවෙන් දස්කම් දැක්වීමට ප්‍රසිද්ධව සිටි ස්ට්‍රීක් දකුණු අප්‍රිකාවේ වඩාත්ම ගෞරවනීය පිළිකා රෝග විශේෂඥයෙකු යටතේ පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියේය.

49 හැවිරිදි ඔහු 2005 දී වයස අවුරුදු 31 දී විශ්‍රාම යන බව ප්‍රකාශ කළේය. ටෙස්ට් කඩුලු 100කට වඩා සහ එක්දින කඩුලු 200කට වඩා ඇති එකම සිම්බාබ්වේ පන්දු යවන්නා ලෙස ස්ට්‍රීක් තවමත් රැඳී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button