Cricket NewsEXCLUSIVE

ACC තරඟාවලි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන SLC උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාට තරඟ පැවැත්වෙන ඩුබායි බලා යාම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා විසින් තහනම් කරයි.!

ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය නිළ වශයෙන් ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරඟයෙයි.

කෙසේ නමුත් මෙවර ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද ආරම්භ වූයේ යන රටවල සහභාගිත්වයෙනි.

එමෙන්ම මීට දින කිහිපයකට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය අර්ජුන රණතුංග මහතා වෙත ලැබුණා. එම සභාපති ධුරය මීට පෙර හොබවනු ලැබුවේ මහේල ජයවර්ධන විසිනුයි.

එම සභාපති ධුරය බාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවක ඇති වූ ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෘජුවම අර්ජුන රණතුංග මහතාගේ ප්‍රකාශයට එරෙහිව වන්දි මුදලක් පවා ඉල්ලා තිබුණා.

කෙසේ නමුත් මෙහි අලුත්ම සිදුවීම වන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි-20 තරගාවලි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා හට ඩුබායි බලා පිටත්වීම ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා විසින් තහනම් කර තිබෙනව බවයි.

එළඹෙන ආසියානු ශූරතාවලියට තවත් දින කීපයක් පමණක් ඉතිරිව තිබියදී මෙම අභ්‍යන්තර ගැටලු ඉතා ඉක්මනින් විසඳාගෙන ක්‍රීඩකයන්ට ශක්තියක් වීම මෙම දෙපාර්ශවයේම වගකීම බව අප අවධාරනය කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button