Cricket NewsEXCLUSIVEUnder-19

ප්‍රභල කොදෙව්වන් පිටිය මැද අන්ත අසරණ කල යොවුන් ශ්‍රී ලංකාව, මෙවර 19න් පහළ ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව වටයට අපරාජිතවම පිවිසෙයි.!

19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ 19 වන තරඟය ලෙසින් Group D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා සත්කාරක කොදෙව් පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් යොවුන් ක්‍රිඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 250ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ Kevin Wickham ලකුණු 56ක් රැස් කල අතර Jordan Johnson ලකුණු 47ක්, Rivaldo Clarke ලකුණු 45ක් සහ Teddy Bishop ලකුණු 45ක් බැගින් රැස් කලා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිඳ හෙලු අතර මතීෂ පතිරණ කඩුලු 2ක් බිඳ හෙළිමට සමත් වුනා.

ඒ අනුව සත්කාරක දෙශයට එරෙහිව ලකුණු 251ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48.2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයඟ්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුවා.

ලකුණු 4කට එක් කඩුල්ලක් බිඳ වැටී සිටි අවස්ථාවේ සදීශ රාජපක්ෂ හා එක් වූ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 52ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉණිමට ශක්තිමත් අත්තිවාරමක් දැමීමට සමත්වුවා.

ශෙවෝන් ඩැනියෙල් ලකුණු 34කට දැවී ගිය අතර අනතුරුව පිටියට පැමිණි සකුණ හටත් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 9ක් පමණයි.

අනතුරුව පිටියේ එක් යූ අංජල බණ්ඩාර හා සදීශ රාජපක්ෂ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පියවර සටහන සකස් කලේ ලකුණු 78ක සබඳතාවයක් පවත්වමිනි.

අංජල බණ්ඩාර ලකුණු 40ක් රැස් කිරීමට සමත් වු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්මක පිතිකරණයක නිරත වු සදීශ රාජපක්ෂ ලකුණු 76ක් රැස් කීරිමට සමත් වුනා.

අවසන් පන්දුවාර කිහිපයේ රනුද සෝමරත්න, දුනිත් වෙල්ලාලගේ, රවීන් සිල්වා සහ යසිරු ශ්‍රී ලංකාව සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

තරඟයේ වීරයා සම්මාවය හිමි වූයේ සදීශ රාජපක්ෂ හටයි.

මේ අනූව ක්‍රිඩා කළ තරඟ 3ම ජයගත් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලානයේ සාර්ථකම කණ්ඩායම ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button