Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානයෙන් පසුව කෝලි හා රෝහිත් විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි !

වත්මන් ඉන්දීය කන්ඩායම සතු ජ්‍යේෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ශර්මා හා විරාට් කෝලි ලබන මස පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගැනීම නිවේදනය කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරමින් සිටී.

විශේෂයෙන්ම විරාට් කෝලි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින හා ටෙස්ට් තරඟ රටාව වෙත වැඩි අවධානයක් ලබාදෙන්නට සැරසෙන බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.

ශර්මා ටෙස්ට් හා එක්දින නායකත්වය තුල දිගටම රැඳී සිටීම අපේක්ෂා කල හැකි බවත් ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම තුලට තිලක් වර්මා හා අභිෂේක් ශර්මා නිත්‍ය ක්‍රීඩකයින් ලෙසින් පැමිණීමට නියමිත බවත් වාර්ථා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button