BusinessCricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් ජපාන ක්‍රිකට් සමඟ ඇති සබඳතාව තවදුරටත් වර්ධනය කරගනී.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා සමඟ එක්ව ජපානයේ කළ සංචාරයකදී ජපාන ක්‍රිකට් සංගමය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින සබඳතා වැඩි දියුණු කරගෙන තිබෙ.

ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනයකට අනුව සිදුවූ මෙම සංචාරයේදී සභාපතිවරයා සහ වැඩබලන ලේකම්වරයා ජපානයේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් සහ සහායක කණ්ඩායම් හමුවිය.

ඔවුන් දෙදෙනා ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Naoki Alex Miyaji සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, සම්ප්‍රදායිකව බේස්බෝල් ක්‍රීඩාවෙන් උමතු වූ ජාතියක් වන ජපානයේ ක්‍රිකට් ජනප්‍රිය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය සහතික විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button