Cricket NewsEXCLUSIVE

වසර 12 කට පසු වංකඩේ හිදී මුම්බායි කොල්කටා හමුවේ පරාජය වෙයි ! MI කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට විසිවෙයි !

ඊයේ වංකඩේ හිදී කොල්කටා ක්‍රීඩකයින් හමුවේ ලද ලකුනු 24 ක පරාජයත් සමඟින් මෙවර තරඟාවලියෙන් ඉවතට විසිවන්නට මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමට සිදුවිය.

MI පන්දු යවන්නන් KKR ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු ලකුනු 169 ක් තුල දවාගනිමින් ලකුණු 170 ක ඉලක්කයක් MI පිතිකරුවන් වෙත නිර්මාණය කර දුන් නමුත් පිතිකරුවන් හට එය හඹායන්නට නොහැකි වූ අතර මිචෙල් ස්ටාක් ප්‍රමුඛ KKR පන්දු යවන්නන් හමුවේ මුම්බායි පිතිකරුවන් සියලුදෙනා දැවී රැස් කලේ ලකුණු 145 ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් KKR කාණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස් කල අතර ජැස්ප්‍රිට් බුම්‍රා හා නුවන් තුශාර අතර කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ලකුණු 170 ක් හඹා යමින් සිටි MI කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුනු 145 ක් රැස් කල අතර විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 33කට කඩුලු 4 ක් බිඳ හෙලද්දී වරුන් චක්‍රවර්තී සුනිල් නරීන් හා ඇන්ඩෘ රසල් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව වසර 12 කට පසු KKR කණ්ඩායම හමුවේ වංකඩේ හිදී තරඟයක් පරාජය වූ පළමු නායකයා බවට හර්දික් පාණ්ඩ්‍යා පත් විය.

මුම්බායි කන්ඩායම තරඟාවලියෙන් නිලවශයෙන් ඉවතට විසිවූ ප්‍රථම කන්ඩායමද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button