Cricket NewsEXCLUSIVE

බාර්බඩෝස් තරණතීරුව හා කොදෙව් පන්දු යවන්නන් අවතක්සේරු කල ඉන්දීය කණ්ඩායමට කඩුලු 6 ක අවමන් සහගත පරාජයක් !

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරගය බාබඩෝස් හිදී පැවැත්වුණි. ඉන්දීය කණ්ඩායම මෙම තරඟයට පිවිසුනේ විරාට් කෝලි හා නායක රෝහිත් ශර්මා විවේක ගන්වමින් නායකත්වය පවා උපනායක හර්දික් පාණ්ඩ්‍යා වෙත පවරමින්.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණයි.ඉනිමට සාර්ථක ආරම්භයක් ගෙනදුන් ඉශාන් කිශන් ලකුණු 55 ක් රැස් කලේය.සාර්ථක පන්දු යැවීමක නිරත වූ Gudakesh Motie හා Romario Shepherd අතර කඩුලු දෙක බැගින් බෙදී යද්දී සමස්ත ඉන්දීය ඉනිමේම ලකුණු 20 සීමාව පසු කලේ පිතිකරුවන් තිදෙනෙක් පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය සත්කාරක කොදෙව්වන් 37 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසු කර යද්දී කොදෙව් නායක ශයි හෝප් ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වෙමින් ලකුණු 63 ක් නොදැවී රැස් කලේය.

ඒ අනුව දෙවැනි එක්දින තරඟය කඩුලු 6 කින් ජයගන්නට සත්කාරක කොදෙව්වන් සමත් වූ අතර තරඟයේ වීරයා ලෙසින් කොදෙව් නායක ශයි හෝප් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button