ඉන්දීය පිල කැළඹෙයි! ප්රබල ක්රීඩකයෙක් රෝහල්ගත කෙරේ.

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය උණුසුම් වෙමින් පවතින පසුබිමක, ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා හදිසියේ රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ආමාශයේ ඇති වූ දැඩි ආසාදනයක් (Stomach Infection) මෙලෙස ඔහු රෝහල් ගත කිරීමට හේතු වී තිබේ.
දැනට ලැබෙන තොරතුරු අනුව, ඔහුව දිල්ලියේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු පරීක්ෂණ මාලාවකට භාජනය කෙරෙමින් පවතී. ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ පැවති පළමු තරගයට පෙර සිටම ඔහු යම් අසනීප තත්ත්වයකින් පසුවී ඇති අතර, එම තරගයෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බව ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
අසනීප තත්ත්වය හේතුවෙන් අභිෂේක් ෂර්මාට නවදිල්ලියේ අරුන් ජෙට්ලි ක්රීඩාංගනයේ පැවති පුහුණු සැසි ද මගහැරී තිබේ. ඒ අනුව, හෙට (12) නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට ඔහු ක්රීඩා කිරීමේ අවස්ථාව බොහෝ දුරට අහිමි වනු ඇතැයි පැවසේ.
තරුණ පිතිකරු අභිෂේක් ෂර්මාගේ හදිසි අසනීප තත්ත්වය ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවට යම් බලපෑමක් එල්ල කරනු ඇති අතර, ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැත.
