Cricket KnowledgeEXCLUSIVE

” මුම්බායි ඉන්දියන්ස් කියන්නෙ මහේලගේ බූදලයක් නෙමේ ” ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට විශේෂත්වයක් නොදීම පිළිබද සමහර ක්‍රිකට් රසිකයන් මහේලට නගන චෝදනා වලට, ක්‍රිකට් රසිකයෙක් තැබු සටහන.

Three Sri Lankan players in South Africa T20 league - NewsWire

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයට අදාල ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) කේප්ටවුන් හීදි පැවැතුනා.

මේ වෙන්දේසියට කන්ඩායම් හයක් සහභාගි වී සිටි අතර ක්‍රීඩකයින් 533ක් ලියාපදිංචි වී සිටියා. මීට ඇතුලත් වූ ශ්‍රි ලාංකීකයින් ගණන 30ක්. අවසානයේ එකී ක්‍රීඩකයින් 30 දෙනා අතරින් තිදෙනෙකුට පමණක් මෙම ලීගයේ ශ්‍රි ලංකා නියෝජනයන් ලෙස සහභාගි වන්නට අවකාශය උදා වුනා.

ඒ අනුව මෙම වෙන්දේසියට සහභාගි වූ Sunrisers Eastern Cape කන්ඩායම විසින් දකුණු අප්‍රිකානු නවතම තරුවක් වෙන Tristan Stubbs ඇතුලු සමබර සංචිතයක් ලබා ගත් අතර,
Paarl Royals කන්ඩායම විසින් සුපිරි තරු රාශියක් ලබා ගත්තා. Royals තරු අතර හිටපු එංගලන්ත නායකයා වූ ඔයින් මෝර්ගන් , ජේසන් රෝයි , ජෝස් බට්ලර් , ඩේවිඩ් මිලර් , ටබ්‍රයිස් ශම්සි , ලුංගි න්ගිඩි , ඔබෙඩ් මැකෝයි ඇතුලු සමබර දක්ෂ සංචිතයක් සකසා ගනු ලැබුවා.

ඒ අතරේ Pretoria Capitals කන්ඩායම විසින් කුසල් මෙන්ඩිස් ඇතුලු අතිදක්ෂ සමබර සංචිතයක් සකසා ගත්තා. Capitals කන්ඩායමේ සිටිනා ක්‍රීඩකයින් අතර රිලි රුසෙව් , පිල් සෝල්ට් , අඩිල් රශීඩ් , ජෝෂ් ලිට්ල් , විල් ජැක්ස් , වේන් පාර්නෙල් , නෝකියා , ජිමී නීශම් වැනි දක්ෂ ක්‍රීඩකයින් රැසකින් සමන්විතයි. මේ තරගාවලියේ දක්ෂතා දැක් වුවහොත් එලැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපිටල්ස් කන්ඩායමේ නියෝජනය වෙන දිල්ලි කැපිටල්ස් කන්ඩායමේ ඉඩක් ලබා ගැනීමට ද කුසල් මෙන්ඩිස්ට ඇති අවස්ථාව ඉහලයි.

Durban’s Super Gaints කන්ඩායම විසින් ශ්‍රි ලාංකීය නව වේග පන්දු තරුව වූ දිල්ශාන් මදුශංක ඇතුලු ක්‍රීඩකයින් රැසක් මිලදි ගත්තා. දකුණු අප්‍රිකාව වගේ වේග පන්දු යවන්නන්ගෙන් කිසිම අඩුපාඩුවක් නැති රටක සහ ලෝක මට්ටමේ දක්ෂ වේග පන්දු යවන්නන් බොහොමයක් සිටියදී ශ්‍රි ලංකා නියෝජනයක් ලෙස ඩිල්ශාන් මදුශංක මෙම ලීගයේ වෙන්දේසි වීම ශ්‍රි ලාංකීකයින් ලෙස අප සතුටු වියයුතු කරුණක්… එසේම ක්ලාසන් , කුවින්ටන් ඩි කොක් , ජොනතන් චාල්ස් , ජේසන් හෝල්ඩර් , කයිල් මේයර්ස් වැනි දක්ෂයින් ප්‍රමුඛ සමබර සංචිතයක් ඔවුන් සතු වෙනවා.

මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායම ශාඛාවක් ලෙස MI Cape toun කන්ඩායම ද සුපිරි ක්‍රීඩකයින් රැසක් සිය සංචිතයට එකතු කර ගනු ලැබුවා. ඒ අතර රශීඩ් ඛාන් , රසී වැන් ඩුසේන් , ඔඩේයින් ස්මිත් , ලිවිංස්ටන් , සෑම් කරන් වැනි අය අමතක කරන්න බැරි නම්.
ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කන්ඩායම අයි.පි.එල් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියෙත් සිය කන්ඩායමේ නිත්‍ය දඟ පන්දු තුරුම්පුව ලෙස මහීෂ් තීක්ෂණ භාවිතා කිරීම ශ්‍රි ලාංකීකයින් ලෙස අප ලැබූ ආඩම්බරයක්. මීට අමතරව රීසා හෙන්ඩ්‍රික්ස් , Janneman Malan , අල්සාරි ජෝසප් , රෙමාරියෝ ශෙපර්ඩ් වැනි ක්‍රීඩකයින් ඒ අතර වෙනවා.

May be an image of 2 people and people standing

හෝව්… හෝව්…
ඉවර නැ…
දැන් පොඩ්ඩක් හීනියට මෙතනත් සමහර චරිත මහේලට මඩ ගහන්න පටන් අරන් තියෙනවා. ඒ මොකද කියනවා නම් MI Cape toun කන්ඩායම ක්‍රීඩක තේරීමට මහේල ජයවර්ධනත් සම්බන්ධ වෙලා හිටියා. ඒත් අපේ විස්සයි විස්ස ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලියේදී අලෙවි වුනේ නැ.. ඉතිං මතක් කරන්න කැමතියි මේක මහේලගේ බූදලයක් නෙමෙයි. මේක වෙන්දේසියක්. ඕනි ඕනි අය තෝරා ගන්න බැ. ඒ වගේම සංචිතයක් තෝරද්දි සංචිතයේ සමබරතාවය තියෙන්න ඕනි. ඒ වගේම මේ ඔක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ වට කිහිපයකින්. ඉතිං මේ සෑම කන්ඩායමක්ම ප්ලෑන් එකකින් තමයි මේ වෙන්දේසියට එන්නේ. ඒ වටයේ මිලදී ගන්න ක්‍රීඩකයා කවුද කියලා ඔලුවේ තියාගෙන තමයි එන්නේ. සමහරවිට ඒ ක්‍රීඩකයාම ලබා ගන්න ඔවුන්ට බැරි වෙනවා. එතකොට තව ක්‍රීඩකයෙක් ගැන බලන්න වෙනවා. එච්චරද ? නැ… තමන්ට තියෙන මුදල් වලට හරියන්න මේ ක්‍රීඩකයින් මිලදී ගන්න ඕනි. ඉතිං මුම්බායි කියන්නේ මහේලගේ බූදලය කියලා හිතාගෙන ඉන්න සමහර පිස්සු පූසෝ ටිකක් හිමීට පුරු පුරු ගාන්න පටන් අරන් තියෙනවා ” අනේ මහේල ඔච්චර ඉදලා අපේ අය කවුරුත් ගත්තේ නෑනේ ” කියලා.

May be an image of 6 people and people standing

කොහොම වුනත් මේ ලීගයෙන් වෙන්දේසි වුනා හෝ නොවුනා එතැනින් කිසිසේත්ම කියවෙන්නේ නැ අපේ ක්‍රීඩකයින් අදක්ෂ අය කියලා. මතක තියා ගන්න මේක ලීග් ක්‍රිකට් එකක්. ඒ වගේම කවුරු හරි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් අවතක්සේරු කරනවා නම් ඒකට උත්තර පසුගිය ඒශියා කප් එකේ අපේ අය දුන්නා.

ඉතිං ආයෙමත් මතක තියා ගන්න මේක ලීග් ක්‍රිකට් එකක්. කාටවත් ඕනි ඕනි විදිහට Favorations තියාගෙන මෙතන ක්‍රීඩකයින් තෝරන්න බැ…

ඉතිං මේ තරගාවලිය ආරම්භ වෙන්නේ ලබන වසරේ ජනවාරි මාසේ… අපේ කොල්ලෝ තුන්දෙනෙක් සහ ලෝකයේ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඉතිං මේ තරගාවලිය ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුපිරි තරගාවලියක් වෙනවා නොඅනුමානයි.
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
3
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button