Cricket NewsEXCLUSIVELegends Series

ඉන්දියාව පෙරමුණේ තැබීමට Legends තරඟ සංවිධායකයන් තරඟාවලිය අතරමැද තරඟ නීති පවා වෙනස් කරයි – ශ්‍රී ලංකා Legends කණ්ඩායමට දැඩි අසාධාරණයක්.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලිය පසු ගිය දා ආරම්භ වූයේ ඉන්දියාව කේන්ද්‍ර කරගනිමිනි.

කෙසේ නමුත් පසුගියවර පැවැති තරගාවලියේ දී මෙන්ම මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් කටයුත්තක් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.

පසුගිය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ/ ප්‍රසාද ලකුණු සහ දළ ලකුණු ලබාගැනීමේ වේගය යන සියල්ලම ඉදිරියෙන් පසුවද්දීත් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානය තබා ඉන්දියාව පළමුව ස්ථානයේ තැබීමට තරඟ සංවිධායකයින් කටයුතු කර තිබුණා. ඒ පිළිබඳව පසුගිය තරගාවලියේදී දැඩි විවේචන එල්ල වූවා.

මෙවර තරගාවලියේ දී ද එම අසාධාරණය නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා. සියලු දත්තයන් නිවැරදි නම් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුව විය යුතුයි.

ඊයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට තිබු තරඟයද සාදාරණ හේතුවත් නෙැමැතිව අතහැර දැමීමට තරග සංවිධායකයන් කටයුතු කළ අතර Road Safety World Series තරගාවලියේ තරග සංවිධායකයන් ඊයේ දිනයවන තෙක් තිබූ ප්‍රසාද ලකුණු සටහන අද දිනයේ දී වෙනස් කර කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ වලට වෙන් කර තිබෙනවා.

ඒ Group A සහ Group B ලෙසයි. Group A හි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇති අතර Group B කාණ්ඩයේ පෙරමුණ ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

කෙසේ නමුත් Group තරඟවටයේදි සාමාන්‍යයෙන් සිදු වන්නේ අදාල ඛාණ්ඩයේ කණ්ඩායම් සමග පමණක් තරඟ පවත්වා. වැඩිම ජයග්‍රහන හිමිකරගන්නා කණ්ඩායම් දෙක (එක Group එකකින් කණ්ඩායම් 2) බැගින් අවසන් පූර්ව වටයට පිවිසීමයි.

ඊයේ ප්‍රසාද ලකුණු සටහන

අද ප්‍රසාද ලකුණු සටහන

මෙම තීරණය සෘජුවම ඉන්දීය කණ්ඩායම පෙරමුණේ තැබීමට ගත් තීරණයක් බව තහවුරු වන සිදු වීම වන්නේමේ වන විටත් Group A හි කණ්ඩායම් සහ Group Bහි කණ්ඩායම් අතරත් තරඟ පවත්වා තිබීම හේතුවෙනි. කෙසේ නමුත් මේ නව ප්‍රසාද ලකුණු සටහන අනූවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගෙන තිබෙන අතර සියලු අසාධාරණන්ට පිත්තෙන් පිළිතුරු දෙනු ඇතැයි ශ්‍රී ලංකාකේය ක්‍රිකට් රසිකයන් ලෙස අප බලාපොරොත්තු ⁣වන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
6
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7