Cricket KnowledgeCricket NewsEXCLUSIVE

වසර 13ක් පුරාවට තිලකරත්න ඩිල්ෂාන් සතු වූ වාර්තාවක් පැතුම් නිස්සංක බිදහෙළයි..!

ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේදී සොයාගත් සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරට පැතුම් නිස්සංකගේ නමද අවිවාධයෙන් තොරවම ඇතුලත් කරන්නට පුළුවන්. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ 16 කට සහභාගී වූ අතර එහිදී නිස්සංක රැස් කරගන්නට සමත්ව ඇති ලකුණු සංඛ්‍යාව 491 ක්. ඔහුට අමතරව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කල පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවනවා.ඒ තරඟ 16 කදී ලකුණු 396 ක් ලබාගනිමින්. එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ කුසල් මෙන්ඩිස්.

ඊයේ පැතුම් නිස්සංක පකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 55 ක් රැස් කරන්නට සමත් වූ අතර එම ඉනිමත් සමඟින් වසරක් තුල වැඩිම ලකුණු රැස් කල ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පෙරමුණ ලබාගන්නට ඔහු සමත් විය. ඒ තිලකරත්න ඩිල්ශාන් පසුකර යමින්. 2009 වසර ඩිල්ශාන්ගේ වූ බව කවුරුත් දන්නා රහසකි. එම කාල සීමාව තුලදී ඩිල්ශාන් තරඟ 12 කදී ලකුණු 471 ක් රැස් කරගෙන තිබුණි. එසේ නිස්සංක බිඳ දැමුවේ ඩිල්ශාන් විසින් පිහිටවා තිබූ එම වාර්ථාවයි.

මීට පෙර එම ලැයිස්තුවේ සිව්වැනි තැන රැඳී සිටි හිටපු නායක දිනේශ් චන්දිමාල් පසු කරමින් එහි සිව්වැනි තැනට පත් වීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හැකියාව ලැබුණි. ඒ 2016 වසරේදී චන්දිමාල් රැස් කල ලකුණු 373 අභිබවා යමින්. ශානක මේ වසරේදී ලකුණු 396 ක් රැස් කරගෙන තිබෙන අතර ඔහු ඒ සඳහා තරඟ 16 ක් වැය කොට තිබෙනවා.

කැලැන්ඩර් වසරක් තුල ශ්‍රි ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ රැස් කල වැඩිම ලකුණු,

491* (16) – Pathum Nissanka – 2022
471 (12) – TM Dilshan – 2009
434 (12) – Sangakkara – 2009
417* (16) – Dasun Shanaka – 2022
373 (16) – Dinesh Chandimal – 2016
343 (09) – Mahela Jayawardena – 2010

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
9
+1
4
+1
3
+1
3
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7