Cricket NewsEXCLUSIVE

“මම ඔවුන්ගේ ක්‍රීඩා විලාශයේ සමීපව නිරීක්ෂණය කලා..මෙම තරුණ ක්‍රීඩකයින් පිරිස අති විශිෂ්ඨයි”- LPL සජීවී නිශ්පාදක හෙමන්ට් බුච්

ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරන්නට සමත් විය. මෙය ජයග්‍රහණයකට වඩා විශාල වශයෙන් අත්‍යාවශ්‍ය වූ දෙයක් බව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ගේ ශරීර භාෂාව පෙන්නුම් කලේය. විශේෂයෙන්ම අවසන් කාල සීමාව තුල ඔවුන්ගේ ක්‍රීඩාව විශාල වශයෙන් කඩාවැටී තිබුණි. නමුත් මේ වසර තුලදී ඔවුන් සමස්ත ඒකකයක් වශයෙන් ලබාගත් දෑ බොහෝය.

“ශ්‍රී ලංකාව මෙතරම් හොදින් ක්‍රීඩා කරනවා දැකීම ගැන ඇත්තෙන්ම මම ගොඩක් ආඩම්බර වෙනවා. මම මීට කලකට පෙර ඔවුන්ගේ දුර්වලම ක්‍රීඩා විලාසය දුටු අතර ඒ වගේම පසුගිය මාස කිහිපයේ ඔවුන්ගේ ක්‍රීඩා විලාසයේ පුනර්ජීවනයද ඉතා සමීපව නිරීක්ෂණය කළෙමි. නායක දසුන් ශානක, හිටපු පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රිස් සිල්වර්වුඩ් ඇතුලු ඔවුන්ගේ පුහුණුකාරී මණ්ඩලයට විශාල ගෞරවයක් හිමි විය යුතුයි. මෙම තරුණ ක්‍රීඩකයින් පිරිස අතිවිශිෂ්ඨයි. ” LPL හි සජීවී ක්‍රිකට් අධ්‍යක්ෂක, ටෙන් ස්පෝස්ට්හි හිටපු ප්‍රධාන නිෂ්පාදක හේමන්ට් බුච් මහතා එසේ සඳහන් කර තිබුණේ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුවය.

මේ වසර තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ඒකකයක් වශයෙන් විශිෂ්ඨ දස්කම් අතර රැඳුණු බව නම් නොරහසක් ඒ බව පසුගිය මාස කිහිපය පුරාවට පෙනෙන්නට තිබුණි. ඒ බව ඔවුන් පිටියේදීත් පිටියෙන් පිටදීත් පෙන්වන්නට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button