Cricket News

ඊයේ එංගලන්තය සහ පකිස්තානය අතර සුපිරි තරඟයේ විස්තර මෙන්න.

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය තවදුරටත් උණුසුම් කරමින් දෙවන කාණ්ඩයේ පැවති තීරණාත්මක තරගයකින් පාකිස්ථානය පරදවා කඩුලු 2ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට ඔවුන් සමත් වුණා. ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිම මුල් භාගයේදී යම් පසුබෑමකට ලක්වුවා

තරගයේ අවසානය තෙක්ම දෙපිලටම ජයග්‍රාහී අවස්ථා විවෘතව පැවති අතර, පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 8ක් දැවී තිබියදී සිය ඉලක්කය පසුකර ගිය එංගලන්තය මෙවර තරගාවලියේ තමන් සතු ප්‍රබලත්වය යළිත් තහවුරු කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙවන කාණ්ඩයේ පෙරමුණ තවදුරටත් තහවුරු කරගැනීමට එංගලන්තයට හැකි වූ අතර, පාකිස්ථානයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා මීළඟ තරග ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button