Cricket News

ඊයේ තරඟ ත්‍රිත්වයේ ම ප්‍රබල සටන් 3ක්! විස්තරය මෙන්න.

නැමීබියාව පරදා නෙදර්ලන්තයට ජය………………………………………



2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ (10) පැවැති නැමීබියා – නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ නැමීබියාව කඩුලු 07කින් පරාජයට පත් කරමින්.

දිල්ලියේ Arun Jaitleyහි ඇරඹුණු අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට නැමිබාවට ආරාධනා කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 156ක් රැස්කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18ක් තුළ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් රැස්කරගනු ලැබුවා.



.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා වාර්තාගත ජයක් නවසීලන්තයට …………………..


2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (10) පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නවසීලන්තය අතර තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමුවෙන් පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 173 ක් ලබා ගත්තා.

එහිදී නායක මුහම්මද් වසීම් ලකුණු 66ක්ද, අලිශාන් ශරාෆු ලකුණු 55ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි කඩුළු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 15.2 අවසානයේදී ලකුණු 175 ලබා තරගයේ ජය හිමිකර ගත්තා.

එහිදී නොදැවී ටිම් සයිෆර්ට් ලකුණු 89ක්ද ෆින් ඇලන් ලකුණු 84ක්ද ලබා ගත්ත.


.
අමෙරිකාව පරදා පාකිස්ථානයට ජය………………………………………………….



2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ දොළොස්වැනි තරගය ලෙසින් අද (10) පැවැත්වුණු අමෙරිකා – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.

ඒ අමෙරිකාව ලකුණු 32කින් පරාජය කරමින්.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරුණු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අමෙරිකාව පළමුවෙන් පන්දුවට පහරදීම පාකිස්‍ථානය ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

ඒ අනුව, පිටියට පිවිසි සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 72ක්ද, බාබර් අසාම් ලකුණු 46ක්ද, ෂඩාබ් ඛාන් ලකුණු 30ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී අමෙරිකාව වෙනුවෙන් ෂැඩ්ලි වැන් ෂෝල්ක්වික් කඩුළු 04ක්ද, සෞරභ් නේත්‍රවාල්කර්, මොහොමඩ් මොහ්සින්, හර්මීත් සිං එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

අනතුරුව පිටියට පිවිසි අමෙරිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 158ක් පමණයි.

එහිදී ෂයන් ජහන්ගීර් ලකුණු 49ක්ද, මිලින්ද කුමාර් ලකුණු 29ක්ද, සුභම් රංජනේ ලකුණු 51ක්ද අමෙරිකාව වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන්, උස්මාන් තාරික් කඩුළු 03ක්ද, ෂහීන් ෂා අෆ්රිඩි, ෂඩාබ් ඛාන් කඩුළු 02ක්ද, මොහොමඩ් නවාස්, අබ්රාර් අහමඩ් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button