Cricket News

තවත් ප්‍රබල රටක් යොවුන් ලෝක කුසලාන අවසන් සටනට

හරාරේහිදී අද (04) පැවැති දෙවන අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.

ඇෆ්ගනිස්තානය ලබාදුන් ලකුණු 311ක අසීරු ඉලක්කය හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ, පන්දුවාර 41.1කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත් අතර, මෙය යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව වාර්තා කළ ඉහළම ලකුණු හඹායෑම ලෙස ද වාර්තා අතරට එක්විය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරොන් ජෝර්ජ් ලකුණු 115ක් රැස්කළ අතර වෙයිබව් සූර්යවංශී පන්දු 33කදී ලකුණු 68ක් ලබාගනිමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළේය.

පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තය සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය හෙට (06) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button