Cricket News

දේශපාලන ආර්බුදයෙන් පුපුරා ගිය ක්‍රිකට් පිටියේ වත්මන් තත්තවය මෙන්න

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමටත් පෙර දේශපාලන අර්බුද හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දැඩි කැළඹීමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම පාකිස්ථානය සහ බංග්ලාදේශය වැනි ප්‍රබල කණ්ඩායම් ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන මතභේදාත්මක තත්ත්වය නිසා සමස්ත ක්‍රිකට් පද්ධතියම අවිනිශ්චිතතාවයකට ඇද වැටී ඇත.

මෙම අර්බුදයේ ආරම්භය සනිටුහන් වූයේ බංග්ලාදේශ ක්‍රීඩක මුස්තෆිසුර් රෙහමන් IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ දැනුම්දීමත් සමඟයි. ඊට ප්‍රතිචාර ලෙස බංග්ලාදේශය තුළ IPL විකාශනය අත්හිටුවීමටත්, ආරක්ෂක හේතූන් මත ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයෑමටත් බංග්ලාදේශ බලධාරීන් තීරණය කළහ. ඔවුන් ඉල්ලා සිටියේ තම තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස වුවද, ICCය එය ප්‍රතික්ෂේප කරමින් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

මේ අතර, ලොවම බලා සිටින ඉන්දියා – පාකිස්ථාන ගැටුම සම්බන්ධයෙන්ද තත්ත්වය අතිශය බරපතළ වී තිබේ. පාකිස්ථාන රජය ඊයේ (01) නිවේදනය කළේ තම කණ්ඩායමට ලෝක කුසලානයට සහභාගී වීමට අවසර දෙන මුත්, පෙබරවාරි 15 වැනිදා ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයට පමණක් සහභාගී නොවන බවයි. මෙම “තෝරාගත් සහභාගීත්වය” (Selectively Participation) ගෝලීය ක්‍රීඩා මූලධර්මවලට පටහැනි බව පවසන ICCය, සියලු කණ්ඩායම් සමාන කොන්දේසි යටතේ කාලසටහනට අනුව ක්‍රීඩා කළ යුතු බව අවධාරණය කරයි.

මෙම දේශපාලන මැදිහත්වීම් පාකිස්ථාන ක්‍රිකට් අනාගතයට මෙන්ම ගෝලීය ක්‍රිකට් අඛණ්ඩතාවයට දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බැවින්, ඒ පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු කරන ලෙස ICCය පාකිස්ථාන ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button