Cricket News

ස්කොට්ලන්තය තරඟය වෙනස් කරයි! පෙරළියක්

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක සටනක් අද (09) ඉන්දියාවේ කොල්කටා හි ඓතිහාසික ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. ඒ ප්‍රබල ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඉතාලිය අතරයි. මෙම තරගයෙන් ඉතාලිය ලකුණු 73කින් පරාජය කරමින් සිය ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව ආරම්භ කිරීමට ස්කොට්ලන්තය සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිතිකරුවන් මුල සිටම ඉතාලි පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළා. ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සි පන්දු 54කදී ලකුණු 84ක් රැස් කරමින් දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළ අතර, ඒ හේතුවෙන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ලකුණු 208ක අසීරු ඉලක්කයක් හඹා ගිය ඉතාලි කණ්ඩායම තරගයේ මැද භාගය වන තෙක් ඉතා ස්ථාවර මට්ටමක පසුවීම කාගේත් අවධානයට ලක් වුණා. පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 112ක් ලබා සිටි ඔවුන් ස්කොට්ලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුණා.

නමුත් තරගයේ පාලනය නතු කරගත් ස්කොට්ලන්ත පන්දු යවන්නන් ඉතාලි ඉනිමේ අවසන් කඩුලු 5 පන්දුවාර 16යි පන්දු 5ක් වන විට ලකුණු 134ක් තුළ දවා ගැනීමට සමත් වුණා. ඉතාලි කණ්ඩායමට එල්ල වූ දැඩිම පහර වූයේ ඔවුන්ගේ නායක ගෙත් ඇඩිසන් පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වීමයි. ඒ හේතුවෙන් ඔහුට පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට නොහැකි වූ අතර ඉතාලි ඉනිම එතැනින් නිමාවට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button