Cricket News
අද අවසන් සටන ගැන නවසීලන්ත නායකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (08) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
වත්මන් ලෝක ශූර ඉන්දියාව සහ කුළුඳුල් ලෝක කුසලානයක් අපේක්ෂාවෙන් පසුවන නවසීලන්තය අතර පැවැත්වෙන මෙම මහා සංග්‍රාමය පිළිබඳව නවසීලන්ත නායක මිචෙල් සැන්ටිනර් ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
සැන්ටිනර් පවසන්නේ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් පිරි මැද ඔවුන්ව “නිහඬ කරවමින්” (Silencing the crowd) සිය කුළුඳුල් ලෝක ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායම සූදානම් බවයි. ත
තමන් සතුව පවතින ලෝක ශූරතාව රැකගැනීමේ පීඩනය ඉන්දීය කණ්ඩායමට ප්‍රබලව දැනෙනු ඇති බවත්, හෙට දිනයේ පිතිකරණයට උචිත තණතීරුවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
