Cricket News

අයලන්ත නායකයාට ලොකු අකරතැබ්බයක්!

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය 11 වනදා පැවති තරගයේදී අයලන්ත නායක පෝල් ස්ටර්ලින් දරුණු ආබාධයකට ලක්ව තිබේ.

පන්දු රකිමින් සිටියදී ඔහුගේ දණහිසෙහි අස්ථි ආශ්‍රිතව මෙම ආබාධය හටගෙන ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත.

ඒ අනුව, පවතින ආබාධ තත්ත්වය හේතුවෙන් ස්ටර්ලින්ට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වන බව අයලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button