Cricket NewsSports

ඉන්දියාවේ ප්‍රබලම තුරුම්පුව පකිස්තාන තරඟයට එන්නේ නෑ.

මෙම මස 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි තීරණාත්මක තරගයට ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව වාර්තා වේ.

උදරයේ ඇති වූ ආසාදනයක් හේතුවෙන් පසුගියදා දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ඔහුට, ඊයේ නැමීබියාව සමඟ පැවති තරගය ද අහිමි විය.

අභිෂේක් මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇතත්, ඔහු තවමත් පූර්ණ සුවය ලබා නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළේ, අභිෂේක් පූර්ණ යෝග්‍යතාව ලබා ගන්නා තෙක් ඔහුට තවත් තරග එකක් හෝ දෙකක් මඟ හැරීමට ඉඩ ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button