Cricket News

ඉන්දු – පාකිස්ථාන තරගය පුළුල් තිරයේ පෙන්වන්න සූදානමක්

ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම අවධානය දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර නොමැති ප්‍රේක්ෂකයින් වෙනුවෙන්, ක්‍රීඩාංගණයෙන් පිටත පුළුල් තිර (Giant Screens) ඔස්සේ තරගය සජීවීව විකාශනය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි.

කෙසේ වෙතත්, එවැනි වැඩපිළිවෙලක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙතෙක් අවසර ලබා දී නොමැති බවත්, එවැනි ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමේ අභියෝගයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

තරගය පැවැත්වෙන දිනයේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා පමණක් 1,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button