Cricket News

ඊයේ ක්‍රිකට් පිටිය රත්වුනේ මෙහෙමයි.

නැමීබියාව පරදා අමෙරිකාවට ජය………………………………….. 2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (15) පැවති අමෙරිකා – නැමීබියා කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට අමෙරිකාව සමත් වුණා.ඒ නැමීබියාව ලකුණු 31කින් පරාජය කරමින්. අද තරගයේ කාසියේ වාසියෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 199ක් වාර්තා කළා.එහිදී සංජේ ක්‍රිෂ්ණමූර්ති නොදැවී ලකුණු 68*ක්ද, නායක මොනන්ක් පටෙල් ලකුණු 52ක්ද, මිලින්ද කුමාර් ලකුණු 28ක්ද රැස් කළා. පන්දු යැවීමේදී නැමීබියාව වෙනුවෙන්, විලෙම් මයිබර්ග් කඩුළු 02ක්ද, ගෙරාර්ඩ් ඉරැස්මස් එක් කඩුල්ලක්ද දවාගත්තා.අනතුරුව ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය නැමීබියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 168ක් පමණයි. ලෝරන් ස්ටීන්කැම්ප් ලකුණු 58ක්ද, ජෑන් නිකොල් ලොෆ්ටි-ඊටන් ලකුණු 28ක්ද, ජේජේ ස්මිත් නොදැවී ලකුණු 31ක්ද රැස් කළා.පන්දු යැවීමේදී අමෙරිකාව වෙනුවෙන් ෂැඩ්ලි වැන් ෂෝල්ක්වික් කඩුළු 02ක්ද, සෞරභ් නේත්‍රවාල්කර්, අලි ඛාන්, සුභම් රංජනේ එක් කඩුල්ල බැගින් දවාගත්තා. ඉන්දු – පාකිස්ථාන සටනේ ජය ඉන්දියාවට…………………………………… 2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ වඩාත් ආන්දෝලනාත්මක තරගයක් වූ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට අද (15) ඉන්දියාව සමත් වුණා. ඒ පාකිස්ථානය ලකුණු 61කින් පරාජය කරමින්.එහිදී ලකුණු 176ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානුවන්ට පන්දුවාර 18ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 114ක් පමණයි. පාකිස්ථානය වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 44ක්ද, ෂඩාබ් ඛාන් ලකුණු 14ක්ද, ෆහීම් අෂ්රෆ් ලකුණු 10ක්ද, ෂහීන් ෂා අෆ්රිඩි නොදැවී ලකුණු 23*ක්ද, ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වුණා.පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන්, ජස්ප්‍රිත් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා, වරුන් චක්‍රවර්ති, අක්ෂර් පටෙල් කඩුළු 02 බැගින්ද, කුල්දීප් යාදව්, තිලක් වර්මා එක් කඩුල්ල බැගින් දවාගත්තා. අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 175ක් රැස් කළා. එහිදී, ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ඉෂාන් කිෂාන් ලකුණු 77ක්ද, තිලක් වර්මා ලකුණු 25ක්ද, නායක සූර්යකුමාර් යාදව් ලකුණු 32ක්ද, ශිවම් ඩුබේ ලකුණු 27ක්ද, රැස් කළා.පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන්, සයිම් අයුබ් කඩුළු 03ක්ද, සල්මන් ආගා, උස්මාන් තාරික්, ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින්ද දවාගත්තා. නේපාලය පරදා බටහිර ඉන්දීය කොදෙව් පිලට ජය…………………………………… 2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (15) පැවැති බටහිර ඉන්දීය කොදෙව් – නේපාල කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 134ක් ලබා ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ නේපාල කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නේපාල පිළට ආරාධනා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button