Cricket News

ඕස්ට්‍රේලියාවේදී පළමු ත්‍රිත්ව ශතකය රැස් කළ සුපිරි පිතිකරු දිවි සැරිය නිම කරයි

ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බොබ් කව්පර් ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 84 වන වියේ පසුවිය.

වසර 1964-68 කාලසීමාවේ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කව්පර්, තරග 27කදී තම රට නියෝජනය කර ඇත.

දක්ෂ වමත් පිතිකරුවෙකු වන හෙතෙම ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ටෙස්ට් ඉනිම් 46කදී ලකුණු 2061ක් රැස්කර තිබුණි.

ඊට ශතක 5ක් හා අර්ධ ශතක 10ක් ඇතළත්.

ඔහුගේ දක්ෂතා අතර කැපීපෙනෙනම සිදුවීම වූයේ 1966 වසරේ සුප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ ත්‍රිත්වය ශතක ඉනිමයි.

පැය 12ක පමණ කාලයෙක් පිටියේ රැඳි සිටිමින් ඔහු ක්‍රීඩාකළ එම ත්‍රිත්ව ශතකය හේතුවෙන් ඔහුට සිට රටේදී ත්‍රිත්ව ශතකයක් රැස්කළ පළමු පිතිකරුවාවීමට හැකිවිය.

2003 දී මැතිව් හේඩන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 380ක් ලබා ගන්නා තෙක්, ඔස්ට්‍රේලියාවේදී ත්‍රිත්ව ශතකයක් රැස්කළ එකම ඔස්ට්‍රේලියානුවා වූයේ කව්පර්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button