Cricket News

ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වන හැටි.ක්‍රිකට් නීති පොත උඩුයටිකුරු වෙයි!2026 සඳහා දැවැන්ත සංශෝධන 73ක්.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයා වන මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC), 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ලොව පුරා නිල වශයෙන් බලාත්මක වන පරිදි ක්‍රිකට් නීති පද්ධතියට සංශෝධන 73ක් එක් කර තිබේ.

නූතන ක්‍රීඩාවේ විකාශනයට සහ සියලු අංශවල ඇතුළත් වීමට (Inclusive) ගැලපෙන සේ සකස් කළ මෙම නව නීති මාලාව යටතේ,
ටෙස්ට් වැනි බහුදින තරගවලදී දිනය නිමවීමට ආසන්නව තිබියදී කඩුල්ලක් බිඳ වැටුණහොත්, පන්දුවාරය අවසන් වන තෙක් ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු අතර නව පිතිකරුවාට එදිනම පිටියට පිවිසීමට සිදුවනු ඇත.

එසේම ක්‍රිකට් පිතිවල මිල පාලනය කිරීමේ අරමුණින් ඕනෑම වයස් කාණ්ඩයක තරග සඳහා ‘ලැමිනේටඩ්’ පිති භාවිතයට අවසර ලබා දී ඇති අතර, කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් පන්දුවල බර සහ ප්‍රමාණය සම්බන්ධයෙන්ද නව සීමාවන් පනවා ඇත.

මීට අමතරව ‘ඕවර් ත්‍රෝ’ සහ ‘මිස්ෆීල්ඩ්’ සම්බන්ධ නීති වඩාත් සරලව අර්ථ දක්වා ඇති අතර, ලොව පුරා සිටින විනිසුරුවන්ට මෙම වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම සඳහා ඔක්තෝබර් මාසයට පෙර මෙම සංශෝධන ප්‍රකාශයට පත් කළ බව MCC ආයතනයේ නීති කළමනාකරු ෆ්‍රේසර් ස්ටුවර්ට් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button