Cricket News

ක්‍රිකට් බෝඩ් එකේ ජන්දය ගැන චමින්ද වාස් කතා කරයි! විස්තරය මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමාන නිලවරණ ක්‍රමය සහ එහි ස්වාධීනත්වය පිළිබඳව හිටපු ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් අදහස් පළ කර තිබේ. රොෂාන් මහනාම හෝ අරවින්ද ද සිල්වා වැනි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජේෂ්ඨයින් පමණක් නොව, රටේ ජනාධිපතිවරයා පවා ඉදිරිපත් වුවද වත්මන් ක්‍රිකට් නිලවරණ ක්‍රමය යටතේ ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වන්නේ අතිශයින්ම ස්වාධීන ක්‍රියාවලියක් හරහා බවත්, ඒ සඳහා පිටතින් කිසිදු පාර්ශවයකට ඇඟිලි ගැසිය නොහැකි බවත් ඔහු එහිදී සඳහන් කළේය. එවැනි ස්වාධීන ව්‍යුහයක් තුළ පත්වන පාලක මණ්ඩලයක් වෙනස් කිරීමට හෝ එම නිලධාරීන් ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවකට බලයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමින්ද වාස් මහතා කියා සිටියේ, “අපේ ක්ලබ් 14යි, අනුබද්ධිත ක්‍රීඩා සමාජත් ගොඩක් තියෙනවා. අපිට තියෙනවා ජන්ද 147ක්. එකසිය හැට ගාණකින් දැන් ඕක අඩු වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකට මම මේකට උදාහරණයක් ගත්තොත් රොෂාන් මහනාම හරි, අරවින්ද හරි, රටේ ජනාධිපතිතුමා මේකට තරංග කලොත් ජීවිතේට දිනන්න බැහැ. ඇයි හේතුව? මේ ක්ලබ් ඔක්කොම කට්ටියව අල්ලගෙන ඉන්නේ. ඒ ක්ලබ් ඔක්කොම වගකියන්න ඕනේ. ක්‍රිකට් ඇවිල්ලා ජාතික කණ්ඩායම විතරක් නෙවෙයිනේ. මේකේ ක්ලබ් ක්‍රිකට්, ක්‍රීඩකයෝ අපේ ඉන්නවා ලංකාවේ 500ක් 550ක් වගේ ඉන්නවා. මේකේ ග්‍රවුන්ඩ් වල ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉන්නවා, ස්කෝරර්ස්ලා ඉන්නවා. මේ හැමෝම මේ ක්‍රිකට්වලින් යැපෙනවා. ක්‍රිකට් කියන්නේ කර්මාන්තයක්. එතකොට මේ ක්‍රිකට් එක හසුරවන්නේ ICC එක. එතකොට මේක ස්වාධීනව පත් වුණාට පස්සේ ආන්ඩුවට බැහැ මේකට ඇගිලි ගහලා අයින් කරන්න. සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ ICC එකට මම දන්න විදිහට මේක වෙනස් කරන්න හරි Interim එකක් දාන්න හරි පෙන්නන්න ඕනෙ මෙන්න මේ දේවල්වල මේ මේ වැරදි තියෙනවා කියලා. එහෙම කරන්නේ නැතුව ගිහිල්ලා තමයි හිටපු අපේ ඇමතිතුමා වරද්දගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වුණේ…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button