Cricket News

චමීර සහ මතීෂ පල්ලේකැලේ ගිචමීර සහ මතීෂ පල්ලේකැලේ ගිනියම් කරයි: එංගලන්ත මැදපෙළ සුනුවිසුනුයි!

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි-20 තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්, ප්‍රබල එංගලන්ත ඉනිම ලකුණු 128කට සීමා කිරීමට සමත් විය. ඒ අනුව මෙම තරගය සහ සිය ගෞරවය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20ක් තුළ ලකුණු 129ක පහසු ඉලක්කයක් හිමිව තිබේ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු ඉතා ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් පන්දු 42කදී ලකුණු 58ක් රැස් කරමින් තනි සටනක නිරත වුවද, අනෙක් අන්තයෙන් ඔහුට නිසි සහයක් හිමි නොවීය. අවසානයේ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී එංගලන්තයට රැස් කරගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර, සිය පන්දුවාර 4 තුළ ලකුණු 21කට කඩුලු 05ක් බිඳ හෙලීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් මතීෂ පතිරණ ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තේය. තරගාවලියේ පරාජයන් හමුවේ පසුබෑමට ලක්ව සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම ජයග්‍රාහී ඉලක්කය හඹා ගොස් ලෝක කුසලානයට පෙර නව බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button