Cricket News
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාවට අවමන් සහගත පරාජයක්

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ තුන්වැනි තරගය ලෙසින් අද (22) පැවැති ඉන්දු – ද. අප්‍රිකා තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ ඉන්දීය පිලට ලකුණු 76ක අන්ත පරාජයක් අත්කර දෙමින්.
එහිදී ලකුණු 118ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 111ක් පමණයි.
ශිවම් ඩුබේ ලකුණු 48ක්ද, නායක සූර්යකුමාර් යාදව් ලකුණු 18ක්ද, හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 18ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්, මාර්කෝ ජැන්සන් කඩුළු 04ක්ද කේෂව් මහාරාජ් කඩුළු 03ක්ද, කෝබින් බොෂ් කඩුළු 02ක්ද, ඒඩන් මාක්‍රම් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.
