Cricket News
පන්දුයැවීමේ ඉරියව්වෙන් විශාල මුදලක් උපයාගත් අලුත් ක්‍ර්‍රීඩකයා කවුද ?

උස්මාන් තාරික් රුපියල් කෝටි 5කට අධික මුදලකට Birmingham Phoenix කණ්ඩායමට තේරි පත්වෙයි.
පාකිස්ථාන සුපිරි ලීගයේ (PSL) දස්කම් පෑ අභිරහස් පන්දු යවන්නා වන උස්මාන් තාරික් (Usman Tariq), එංගලන්තයේ පැවැත්වෙන ‘The Hundred’ තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී Birmingham Phoenix කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.
ඔහු වෙනුවෙන් ගෙවා ඇති මුදල පාකිස්ථාන රුපියල් කෝටි 5.04ක් (PKR 5.04 Crore) පමණ වේ. ඔහුගේ පන්දු යැවීමේ විලාසය සහ දක්ෂතාවය හේතුවෙන් මෙවර වෙන්දේසියේදී ඔහු කෙරෙහි මෙතරම් ඉහළ අවධානයක් යොමු වී ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසති.
