Cricket News

පාකිස්තානයට අවමන් සහගත පරාජයක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ‘A’ කාණ්ඩයේ තීරණාත්මක තරගයකින් පාකිස්තානය පරදා ලකුණු 61ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාව ලබාදුන් ලකුණු 176ක ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 115ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට අවස්ථාව උදා වූ අතර, 2007 වසරේ සිට මේ දක්වා දෙරට අතර පැවැති විස්සයි-20 තරග 17න් 13කම ජය තමන් සතු කරගනිමින් ඉන්දියාව සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button