පැතුම්ගෙන් වාර්තා පිට වාර්තා!ශ්‍රී ලංකා විස්සයි20 ඉතිහාසය අලුත් වෙයි!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සුවිශේෂී වාර්තා කිහිපයක් තමන් සතු කර ගැනීමට සමත් විය.
මෙම තරගයට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතර රැඳී සිටියේ කුසල් මෙන්ඩිස් (ලකුණු 2607) වුවත්, අද තරගයේදී පැතුම් නිස්සංක එම වාර්තාව අභිබවා යාමට සමත් විය. අද දිනයේ පන්දු 41 කදී ලකුණු 62 ක් රැස්කළ පැතුම්ගේ සමස්ත විස්සයි20 ලකුණු සංඛ්‍යාව මේ වන විට 2636 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා ලෙස ද පැතුම් අද පෙරමුණට පැමිණියේය. මීට පෙර කුසල් මෙන්ඩිස් සමඟ සම තැනක (අර්ධ ශතක 20 බැගින්) පසුවූ ඔහු, අද රැස්කළ 21 වන අර්ධ ශතකය සමඟින් එම වාර්තාව ද තනිවම තහවුරු කර ගැනීමට සමත් විය.
