Cricket News
මුදල් එපා! ලෝක කුසලාන සමාරම්භක තරගයට ප්‍රවේශය නොමිලේ!

2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
තරගාවලිය ආරම්භ කරමින් අද පෙරවරු 11.00ට කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේදී පාකිස්ථානය සහ නෙදර්ලන්තය තරග වදියි. මෙම සමාරම්භක තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුවිශේෂී තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව ක්‍රීඩාංගණයට පැමිණෙන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට නොමිලේ තරගය නැරඹීමේ දුර්ලභ අවස්ථාව හිමි වේ.
