Cricket News

මුළු ලොවක් බලා සිටින ඉන්දු – පාකිස්ථාන සටන වැස්සට සේදී යයිද? පීඩන අවපාතය ගැන නවතම වාර්තාව මෙන්න.

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම බලාපොරොත්තු සහගත තරගය වන ඉන්දියා – පාකිස්ථාන ගැටුම හෙට (15) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව තිබියදී, කාලගුණයෙන් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයන්ට අනුව හෙට දිනයේ කොළඹ ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම පෙබරවාරි 15 වැනිදා වන විට අග්නිදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිකුරාදා නිවේදනය කළේය. මේ හේතුවෙන් ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button