Cricket News

මෙවර ලෝක කුසලානයේ, ඉතිහාසගත වූ පළමු කඩුලු ත්‍රිත්වය ඊයේ.

2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේම සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් සමත් විය. ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයේදී අතිවිශිෂ්ට කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) ලබාගනිමින් මෙවර තරගාවලියේ එවැනි දස්කමක් කළ පළමු ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.

කොල්කටාහිදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් විය.

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට රොමාරියෝ ෂෙපර්ඩ්ගේ පන්දු හමුවේ අසරණ වීමට සිදු විය. ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙලූ ෂෙපර්ඩ්, එහිදී ලබාගත් අතිවිශිෂ්ට කඩුලු ත්‍රිත්වය හේතුවෙන් ස්කොට්ලන්ත ඉනිම පන්දුවාර 18.3කදී ලකුණු 147කට සීමා විය.

ඒ අනුව ස්කොට්ලන්තය පරදා ලකුණු 35ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි විය. ආරම්භක දිනයේම වාර්තා වූ මෙම දස්කම නිසා ලෝක කුසලාන උණුසුම තවදුරටත් තීව්‍ර වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button