Cricket News
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සතු තවත් වාර්තාවක් අද අයර්ලන්තය තමන් සතු කරගනී.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘B’කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ SSC ක්‍රීඩාංගණයේ අද (14) පැවති තරගයෙන් ලකුණු 96ක දැවැන්ත ජයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. මෙහිදී අයර්ලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 235ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඕමානයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 139ක් පමණි. ඒ අනුව මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව වාර්තා කර තිබූ ලකුණු 226ක දැවැන්ත ලකුණු පුවරුව , අද අයර්ලන්ත කණ්ඩායම ලකුණු 235 ක් ඕමානයට එරෙහිව වාර්තා කරමින් බිඳහෙලනු ලැබුවා. ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ඉහලම ලකුණූ පුවරුව තමන් සතු කරගැනීමට අයර්ලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට කලින් සමත් උනා.
