Cricket News
යෝකර් රජුගෙන් ලෝක කුසලාන උපදෙස්:ලෝක කුසලාන පුහුණු උපදේශක ලෙස පත්වීමක්?

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංගව ‘පුහුණු උපදේශකවරයෙකු’ (Bowling Mentor/Consultant) ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා මාලිංග සිය දායකත්වය ලබා දීමට නියමිතය.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලසිත් මාලිංග එළඹෙන 05 වැනිදා සිට ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීමට නියමිත බවයි. විශේෂයෙන්ම එෂාන් මාලිංග වැනි ප්‍රබල වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්ව ඇති මෙවැනි තීරණාත්මක මොහොතක, ලසිත් මාලිංග සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ උපායශීලී දැනුම කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත.
