Cricket News

ලසිත් මාලිංග අලුත් වැඩ පටන් ගනී! අත්දැකීම් උපයෝගී කරගන්නට සූදානම්.

“ඉතින් මෙන්න මෙහෙම තමයි මම වේග පන්දු යවන්නන් තෝරන්නෙ.

අවුරුදු 17-22 වයස්වල ඉන්න ඕනෑම වේග පන්දු යවන්නෙක් national team එකට සෙල්ලම් කරන්න සුදුසුයි කියල මම හිතනව. ඒ මගේ අත්දැකීම. ඒ නිසා අවුරුදු 35න් පස්සෙ බැරිවෙන දේවල් ගැන මම කතා කරන්නෙ නෑ👍

ඉතින් ඒ නිසා ඉහත වයස් කාන්ඩයේ විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් තෝරා ගන්නා ක්‍රමය තමයි පහත තියෙන්නේ.

1️⃣ 2km running test එක qualify වෙන්න ඕනේ. (උදෑසන 8ත් 11:30ත් අතර පැවැත්වේ) Running test එක සමත් සියලුම වේග පන්දු යවන්නන් දහවල් 1.30ට ආරම්භ කරන පන්දු යවන්නන්ගේ “පන්දුව යවන වේගය” බලන අවස්ථාවට ඉදිරිපත්වීට සුදුසුකම් ලබනවා.(අසමත් වන අය කිසිදු හේතුවක් මත පන්දු යැවීමට යොදා ගන්නේ නෑ) වැදගත්ම දේ national team timing වලට වඩා තත්පර 30ක වැඩිපුර කාලයක් දක්වා සලකා බලනවා.

2️⃣ ඉන් අනතරුව 135kmh වැඩි වේගයකින් පන්දු යවන සියලුම දෙනා තෝරා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

3️⃣ පන්දුව දමාගසන අය කොතරම් වේගයකින් පන්දු යැව්වද තෝරා ගන්නේද නැත.

නුදුරු දිනකදී පැමිණීමට අවශ්‍ය ස්ථානයත්, වේලාවත් දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා.

මේ තමයි මම හිතපු විදිය. මෙය ඔබ සියලු දෙනාට ඉතාම පහසු කඩයිමක් බව දන්නවා. දැන්ම ඉඳන් සූදානම් වන්න!” යනුවෙන් සිය facebook ගිනුමේ සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button