Cricket News
ලොවම කතාවෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කෝටි ගණන් වටිනා ඔරලෝසු විලාසිතා

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය පසුගියදා කොළඹදී නිමාවට පත් වූයේ ඉන්දීය පිලට පහසු ජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත්, ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය තරඟයේ ප්‍රතිඵලයට පමණක් නොව, ඉන්දීය ක්‍රීඩකයින්ගේ අතිසුඛෝපභෝගී විලාසිතා කෙරෙහි ද යොමු විය. තරඟයේ කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට එක් වූ ඉන්දීය විස්සයි 20 නායක සූර්ය කුමාර් යාදව්, සිය වමතෙහි පැළඳ සිටි අත් ඔරලෝසුව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. එය ලොව ප්‍රකට JACOB & CO Epic X Ram Janmabhoomi Titanium Edition වර්ගයේ ඔරලෝසුවක් වන අතර, එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1.1කට වඩා අධික බව වාර්තා වේ. ලොව පුරා මෙම මාදිලියේ ඔරලෝසු නිෂ්පාදනය කර ඇත්තේ 49ක් වැනි ඉතා සීමිත ප්‍රමාණයක් වීම විශේෂත්වයකි. කෙසේ වුවද, ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගේ විලාසිතා හා සැසඳීමේදී සූර්ය කුමාර්ගේ මෙම මිල අධික ඔරලෝසුව පවා සාමාන්‍ය තේරීමක් ලෙස සැලකේ. අතිසුඛෝපභෝගී අත් ඔරලෝසු එකතුවක් හිමි හාර්දික් පාන්ඩ්‍යා මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු භාවිතා කරන අති දුර්ලභ Richard Mille RM 27-04 මාදිලියේ අත් ඔරලෝසුවක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70කට ආසන්න බව පැවසේ. මෙම කරුණ වඩාත් ආන්දෝලනාත්මක වන්නේ හාර්දික් පාන්ඩ්‍යා සතු එක් අත් ඔරලෝසුවක වටිනාකම, සමස්ත පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේම ක්‍රීඩකයින්ගේ වාර්ෂික වැටුප් එකතුවට සමාන වීම හේතුවෙනි.
