Cricket News

ලෝක කුසලානයට පෙර සූර්යකුමාර් යාදෙව් නැවතත් සුපුරුදු රිද්මයට පැමිණෙයි.

ඉන්දියාවට තිබුණු ලොකුම ගැටලුවක් තමයි ඔවුන්ගේ නායකයා සූර්යකුමාර් යාදෙව් පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වීම.. අවසානයේ ලෝක කුසලානයට දින කිහිපයක් තිබියදී මෙවර නවසීලන්ත තරගාවලියේ සූර්යා නැවතත් ලකුණු අතරට පැමිණෙනවා.
එහෙම ලකුණු අතරට පැමිණි සූර්යා මෙවර නවසීලන්ත තරගාවලියේ මේ දක්වා දියත්කල ඉනිම්…
– 32(22).
– 82*(37).
– 57*(26).
– 8(5)
– 63(30).
අදත් ඉශාන් කිශාන් සමග එකතු වෙලා ලකුණු 137ක දැවැන්ත සබඳතාවක් ගොඩ නගලා පන්දු 30කදී වේගවත් ලකුණු 62ක් රැස් කරනවා.
ඉන්දියාව පැත්තෙන් ලෝක කුසලානය කලින් ලැබුණු වටිනාම දේ තමයි සූර්යා නැවතත් ලකුණු අතරට පැමිණීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button