Cricket News

ලෝක කුසලානය පෙනී පෙනී ශ්‍රී ලංකා සංචිතයේ තවත් කැපී පෙනෙන වෙනසක් කරන ලකුණු !

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් නිල වශයෙන් නම් කර නොමැති අතර සංවිතයන් ප්‍රකාශ කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දී නිදි කාල සීමාව 2026 ජනවාරි 31 දිනෙන් අවසන් වූවා.

කෙසේ වෙතත් මේ දිනවන පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය සඳහා පසුගිය දා නම් කරන ලද 16 දෙනෙකුත් සමන්වින සංචිතය පිළිබඳ මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර විශේෂ කතා බහක් නිර්මාණය වුණා.

ඒ නරගාවලිය සඳහා වන සංචිතය නම් කිරීමට දින කිහිපයකට පෙර සිදු කළ දැනුම්දීම අනුව කණ්ඩායම කටාන් ගන්නා හෝටලට පැමිණ සිටි සහ පැමිණෙමින් සිටි ක්‍රීඩකයින් තිදෙනෙක් නැවත් සිය නිවෙස් වලට හරවා යැවූ බවට පුනක් වාර්තා වීමත් සමඟයි.

එලෙස හරවා යැවූ ක්‍රීඩකයින් අතර දුශාන් හේමන්න, කමිඳු මෙන්ඩිස් සහ ට්‍රැවින් මැනිව සිටි බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එලෙස සංචිතයට ඇතුළත් කළ ධනංජය සිල්වා එංගලන්තය සමඟ පැවති පළමු 20-20 තරගයේ පන්දු 12 කට මුහුණ දෙමින් රැස් කර ගන්නේ ලකුණු 11ක් පමණයි.

මේ අතර ධනංජය සිල්වා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඒ වෙනුවට කමිදු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button