Cricket News

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි ස්ථාන මෙන්න! මෙවර තෝරගත් ස්ථාන කිහිපයක් පමණයි.

2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම හෙට (03) සිට නිල වශයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩාලෝලීන්ගේ පහසුව උදෙසා දිවයිනේ තෝරාගත් ස්ථාන කිහිපයක ප්‍රවේශ පත්‍ර කවුන්ටර විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව, කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානය ඉදිරිපිට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව හෙට (03) සිට අඛණ්ඩව විවෘතව තැබෙනු ඇත. මීට අමතරව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවලදී පමණක් ක්‍රියාත්මක වන පරිදි ඔරුගොඩවත්ත ප්‍රවේශ පත්‍ර කවුළුවද විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශ පත්‍ර කවුළු, තරග නොපැවැත්වෙන දිනවලදී පමණක් මහජනතාව සඳහා විවෘතව තැබෙන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි. ලෝක කුසලාන තරගාවලියට පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර කල්තියා වෙන්කර ගැනීමට ක්‍රීඩාලෝලීන් උනන්දු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button