Cricket News

වසර ගනණාවකට පසු පළමු වටයෙන් ම ඉවත් වූ ලෝක ශූරයින්ට අවසන් තරඟයේදී සතුටක්.

විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක් ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වූ ඕස්ට්‍රේලියා – ඕමාන ගැටුමෙන් ඕමානය අන්ත අසරණ කරමින් අති දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ඕමාන පිතිකරුවන්ට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සිය සීමාවන් හඳුනාගැනීමටවත් ඉඩක් නොලැබුණු අතර, පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 104ක් වැනි සොච්චම් ලකුණු සංඛ්‍යාවක් පමණි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්, ලකුණු 105ක ඉලක්කය හඹාගියේ ඕමාන පන්දු යවන්නන්ට හුස්ම ගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි. ඔවුන් කිසිදු අපහසුවකින් තොරව පන්දුවාර 9යි පන්දු 4ක් වැනි ඉතා කෙටි කාලයකදී, එක් කඩුල්ලක් පමණක් දැවී තම ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button