Cricket News

වසර 254ක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු වෙයි! නවසීලන්තයෙන් බිහිවූ මාරාන්තික පන්දු යවන්නාගෙන් Triple Hat-trick එකක්.

පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වසර 254ක් පුරා නොබිඳී පැවති වාර්තාවක් අලුත් කරමින්, පිට පිට පන්දු 5කදී කඩුලු 5ක් දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් රැන්ඩෙල් (Brett Randell) සමත් විය. නවසීලන්තයේ පැරණිතම සහ ප්‍රමුඛතම පළමු පෙළ තරගාවලිය වන ‘ප්ලන්කට් ශීල්ඩ්’ (Plunket Shield) තරගාවලියේදී මෙම සුවිශේෂී දක්ෂතාව ප්‍රදර්ශනය විය. නේපියර්හි මැක්ලීන් පාර්ක් ක්‍රීඩාංගණයේදී සෙන්ට්‍රල් ඩිස්ට්‍රික්ට් (Central Districts) කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ඔහු, නෝදන් ඩිස්ට්‍රික්ට් (Northern Districts) කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනාම මෙලෙස පිට පිට පන්දු පහකදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේ මුළු මහත් ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කරමිනි. මෙම වාර්තාවේ ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, 1772 වසරේ සිට වාර්තා වන පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසය තුළ පන්දු 5කදී කඩුලු 5ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා ලෙස බ්‍රෙට් රැන්ඩෙල් ඉතිහාසගත වීමයි. මීට පෙර පන්දු 4කදී කඩුලු 4ක් දවාගැනීමේ අවස්ථා කිහිපයක් වාර්තා වී තිබුණද, පන්දු 5කදී කඩුලු 5ක් (Triple Hat-trick) දවාගැනීමට කිසිදු පන්දු යවන්නෙකු සමත් වී නොතිබුණි. රැන්ඩෙල්ගේ මෙම මාරාන්තික පන්දු යැවීම හමුවේ නෝදන් ඩිස්ට්‍රික්ට් කණ්ඩායමේ මුල් පිතිකරුවන් පස්දෙනාම අසරණ වූ අතර, ඔහු සිය පන්දු යැවීමේ ඕවරය අවසන් කරන විට කඩුලු 7ක් ලකුණු 25කට දවාගෙන තිබීමද විශේෂත්වයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button