Cricket News
සැට්නර් සහ මැකොන්චිගෙන් ඊයේ ලෝක වාර්තාවක්!

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ඊයේ (25) පැවැත්වෙන තීරණාත්මක තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හිමිව ඇත.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළ අතර, එක් අවස්ථාවක නවසීලන්ත ඉනිම ලකුණු 84කට කඩුලු 6ක් ලෙස අඩපණ විය. කෙසේ වෙතත්, 7 වැනි කඩුල්ල සඳහා එක්වූ නායක මිචෙල් සැට්නර් සහ කෝලේ මැකොන්චි පන්දු 47කදී ලකුණු 84ක වේගවත් සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.
