Cricket News

19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලංකාවෙන්

දහනවයෙන් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක දහනවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ විරාන් චමුදිත තේරී පත්වී ඇත.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය නියෝජනය කරන ඔහු, මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී ශතක දෙකක් රැස් කරමින් දක්ෂතා දැක්වීමට සමත් විය.

මෙම 12 දෙනෙකුගෙන් යුත් ලෝක කණ්ඩායමට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයකි.

විරාන් චමුදිත සමඟ මෙම කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇත්තේ තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් ඉන්දියාවේ විභව් සූර්යවංශී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button