Cricket News

20-20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානට යෝජනා වූ ක්‍රීඩකයින් අට දෙනා මෙන්න.

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නම් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙට (08) පැවැත්වෙන අවසන් මහා තරඟයට පෙර කැපී තරගාවලියේ පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අටදෙනෙක් මෙ ලැයිස්තුවට ඇතුළත්.

ඒ අනුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක විල් ජැක්ස් තරඟ අටකදී ලකුණු 226ක් ලබාගනිමින් සහ කඩුලු නවයක් දවාගනිමින්, තරගයේ වීරයා සම්මාන හතරක් ද සමඟින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

එමෙන්ම පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆහරාන් ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර, මවර තරගාවලියේ දී ඔහු 76.60 ක සාමාන්‍යයකින් සහ 160.25 ක ප්‍රහාරක වේගයකින් ලකුණු 383ක් රැස්කරගත් අතර, විස්සයි විස්ස ලෝක කුසලානයේ එක් සංස්කරණයකදී ශතක දෙකක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට මෙව්ර ෆහරාන් පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button