Cricket News

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ විනිසුරුවන් නම් කෙරේ

026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මෙහෙයවීම සඳහා විනිසුරුවන් සහ තරග තීරකවරුන් නිල වශයෙන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර විනිසුරුවන් 24 දෙනෙකු සහ තරග තීරකවරුන් 06 දෙනෙකු මූලික වටයේ රාජකාරි සඳහා එක්වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක තරගය ලෙස කොළඹ SSC පිටියේ පැවැත්වෙන පාකිස්ථාන – නෙදර්ලන්ත ගැටුම විනිශ්චය කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විනිසුරු කුමාර් ධර්මසේන සහ වේන් නයිට්ස් වෙත පැවරී ඇත. මෙය වේන් නයිට්ස්ගේ 50 වැනි ජාත්‍යන්තර විස්සයි20 විනිශ්චය ලෙස ඉතිහාසයට එක්වන අතර, ප්‍රවීණ විනිසුරු කුමාර් ධර්මසේන මීට පෙර ලෝක කුසලාන අවසන් මහා තරග ද්විත්වයක් ඇතුළුව තරග 37ක අත්දැකීම් සහිතව මෙවර තරගාවලියට එක්වේ.

තරගාවලියේ වඩාත්ම අවධානය දිනාගත් ඉන්දියා – පාකිස්ථාන ගැටුම පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර, එහි විනිශ්චය කටයුතු කුමාර් ධර්මසේන සහ රිචඩ් ඉලින්වර්ත් විසින් සිදු කරනු ඇත. මීට අමතරව, ලෝක කුසලාන තරග 46ක් විනිශ්චය කර ඇති රොඩ් ටකර්, මෙම තරගාවලිය අතරතුර තම 50 වැනි ලෝක කුසලාන තරගය සම්පූර්ණ කිරීමට සූදානමින් සිටී.

මෙවර තරග තීරකවරුන් ලෙස ප්‍රවීණ ක්‍රීඩක රන්ජන් මඩුගල්ල ඇතුළු පිරිසක් පත් කර ඇති අතර, විනිසුරු මඩුල්ල සඳහා කුමාර් ධර්මසේන සහ රවීන්ද්‍ර විමලසිරි ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් රැසක් නම් කර තිබේ. කෙසේ වෙතත්, සුපිරි 8 වටයේ සහ අවසන් වටයේ තරග සඳහා විනිසුරුවන් පත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button