Cricket News

ඉතිහාසගත පන්දු යැවීමක නිරත වූ දෙව්මි විහංගා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගයක දී කඩුලු 05ක් දවාගත් පස්වැනි පන්දු යවන්නිය බවට දෙව්මි විහංගා අද (09) දිනයේ දී පත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගය අතරතුරදී ඇය මෙම දස්කම දැක්වූවාය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.
ආරම්භයේ සිට ම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ දකුණු අප්‍රිකාවේ මුල් පෙළ කඩුලු 05ක් ම ලකුණු 100ක් සම්පූර්ණ වනවිට බිඳ වැටී තිබුණා.
එම කඩුලු 05 ම අයිතිකාරිණිය වූයේ නවක ක්‍රීඩිකාවක වන දෙව්මි විහංගා යි.
ඇය ඉතිහාසගත වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගයක දී කඩුලු 05ක් බිඳ දැමූ පස්වැනි ක්‍රීඩිකාව ලෙසයි.
කෙසේවෙතත් බිඳ වැටුණු ඉනිම ගොඩනැගීමට Annerie Dercksen හා Chloe Tryon සමත් වුණා.
Annerie Dercksen පන්දු 84 ක දී ලකුණු 104ක් හා Chloe Tryon ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී විහංගිට අමතර ව චමරි අතපත්තු කඩුලු දෙකක් සහ මනුදි නානායක්කාර එක් කඩුල්ලක් බිඳ හෙලුවා.
පන්දුවාර 50 අවසන් වනවිට දකුණු අප්‍රිකා කණ්ඩාය්ම කඩුලු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button