Cricket News

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ශුක්රි කොන්රාඩ්ට ලබා දුන් නව වගකීම

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශුක්රි කොන්රාඩ් එරට සියලුම ක්‍රිකට් අංශයන්හි පුහුණුකරු ලෙස පත්කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

2023 වසරේදී දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් වූ කොන්රාඩ් 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායම රැගෙන යාම සඳහා දුන් මඟ පෙන්වීම මෙම නව පත්කිරීම සඳහා විශේෂ හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය දක්වා කොන්රාඩ් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායම්වල වගකීම දරන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button