Cricket News
එළඹෙන T20 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියානු අවසන් සංචිතය මෙන්න!

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ.
කමින්ස්ගේ පිටේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව කමින්ස් වෙනුවට ඔස්ට්‍රේලියානු අවසන් 15 දෙනා අතරට බෙන් ද්වාර්ෂුයිස් ආදේශ කර ඇත.
මීට අමතරව මැතිව් ෂෝර්ට් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට මැට් රෙන්ෂෝ ආදේශ කර ඇත.
T20 ලෝක කුසලානයට නම්කළ ඔස්ට්‍රේලියානු සංචිතය
මිචෙල් මාෂ් (නායක), සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, ටිම් ඩේවිඩ්, බෙන් ඩ්වාර්ෂුයිස්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැට් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් රෙන්ෂෝ, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා
